Wednesday, July 25, 2007

සිදුහත් ය - ඒ, චේ ය - මේ

I recited this poem (the English translation) at the World Poetry Festival held in Havana, Cuba on last May 28th and it was very well received.

නිදි
අතරෙදි
ඔවුන්
රාත්‍රියකම
යන්න

සඳ
මුදුන් වූ
පසු

නේරංජනාවෙන්
එතෙරට
බොලීවියාවේ
මහ වනයට

උඩුමහලට
විත්
බලා සිටිවි
ඔවුන්
එදා සිට
නිරතුරුව

ඇඟිල්ලේ
එල්ලිලා
යන්න

ඔබ
දිනාගත්
විජිතයට

එලිමහන් කවි හා ගුහා කවි - 2003

Monday, July 9, 2007

එළඹෙන්න මා උයනට

එළඹෙන්න මා උයනට
අගුලු ලා නැත දොර බැඳ
ඇරුණු දොර පියමං කර
නොඑළඹෙති
යනෙන අය මේ මග
ඇති සෙයකි උන් පිනවන
කෙලි කවට අන් දොර දොර

මල් බලා සිටිති එන තෙක්
මුදු අතක්
මුදු හදක් අනුවම සැළෙන
හරි ආදරෙන් මල් මැවු දුක් දිය හෙළා
උයන් ගොව්වා හිඳි හද පිරි සොවින්

සැරි සරන්න තුටු සිතින් උයනෙහි
හරි සෙමෙන් පා නාගාලා
නොතලා පඳුරු මල් පිරි
පය පැකිල වැරදීමෙන්
නෙත් සිලිල් සල සලා උන්වෙත
සිප ගන්න ඉන් කිහිපයක්
ඔබ හදවත තදින් ගත්

සඳ ඇබින්දක් - 1991

Monday, July 2, 2007